ජාතික සභාවේ පළමු රැස්වීම හෙට…!

ජාතික සභාවේ පළමු රැස්වීම හෙට (සැප්. 29) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවක් අනුව ස්ථාපනය කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 23 වන දා ඉදිරිපත් කරන ලදී.

ජාතික සභාවට දැනට මන්ත්‍රීවරුන් 27ක් නම් කර තිබේ. එදිනට ජාතික සභාවේ මූලික කරුණු සාකච්ඡා කිරීමට නියමිත ය. එදින ම පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් පැවැත්වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *