

කොළඹ ගාලුමුවදොරදී පෙරේදා (09) පැවැත්වූ ‘ජනඅරගල විරු සැමරුමේ’ දී ඇතිවූ ගැටුම අතරතුර රෝගී තත්ත්වයට පත්ව රෝහල්ගත කල දරුවට අභ්‍යන්තරව හෝ බාහිරව කිසිදු රෝගි තත්ත්වයක් නොමැති බව වාර්තාවේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය එබව සඳහන් කළේය.
“දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න.” විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පැවසිය.
ඒ අනුව දරුවාගේ මව, දරුවා ද රැගෙන ඊයේ (10) පස්වරුවේ රෝහලෙන් නික්ම ගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.