සජිත්ගේ හොරණ කොල්ලා අත්අඩංගුවට…! හේතුව මෙන්න..!

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු  වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද  අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *