ක්‍රිකට් කණ්ඩායමට ආගමික නිකායක් බලපෑම් කළාද.? වාර්තාව ඇමැති අතට..!

ICC T20 ලෝක කුසලාන සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පළවූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත භාර දී තිබේ.

2022 වසරේ ඔක්. 16 වන දින සිට එම වසරේ නොවැ. 13 වන දින දක්වා ඔස්ට්‍රේලියාවේ පැවති ICC T20 ලෝක ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබිණි.

හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරි නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *