ගිය අවුරුද්දේ ලක්ෂ 03 ක් රට රැකියාවලට ගිහින්…!

වසරේ අග භාගයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළ ද, 2022 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 3,789 ක්වූ අතර, එය 2021 වසරේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491ට සාපේක්ෂව සියයට 31 ක අඩුවීමක් වාර්තා කළේය.

2022 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 384ට සාපේක්ෂව 2022 වසරේ ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්, 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 476 ක් දක්වා වැඩිවිය.

ප්‍රධාන වශයෙන් නුපුහුණු (101,786), පුහුණු (88,215) සහ ගෘහ සේවිකා (73,781) යන කාණ්ඩවල දායකත්වයෙන්, 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් 299,934 ක් ලෙස වාර්තා විය.

2022 වසරේ දෙසැම්බර් මාසය තුළ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් 23,407ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *