නිදහස නැත්නම් ක්‍රිකට් හදන්න මං එන්නේ නෑ..! රොෂාන් මහානාමගෙන් ප්‍රකාශයක්..!

තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් කටයුතු සිදු කිරීමට නොහැකි නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගීම සඳහා තමන් මැදිහත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රොෂාන් මහනාම සඳහන් කරයි.

පසුගිය අවුරුදු කිහිපය තුළම තමන්ට අවස්ථා ගණනාවකදීම විවිධ ඇමතිවරුන්ගෙන් ආරාධනා ලැබුණු බවද ඔහු පැවසීය.

මොනම ආකාරයෙන් හෝ තමන් ඒ සඳහා සහභාගී වන්නේනම් ඒ එකම විදිහට හිතන පිරිසක් සමගින් පමණක් බවත් හෙතෙම කියා සිටී.

තරහා මරහ පිරිමසා ගැනීමට පළිගැනීමට එන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් නැති බවද හෙතෙම පවසයි.

එවන් අරමුණකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදැමිය නොහැකි බවද පැවසූ ජාතික සැලැස්මක් නැතිනම් රටටත් ක්‍රීඩාවටත් සෞභාග්‍යයක් නොලැබුණු ඇති බවද තවදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *