IMF මූල්‍ය සහනය ගැන ආ සුබ ආරංචිය

පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය අද (02) අනාවරණ කළේය.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බවය. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

ඉන්දියාව ඒ සඳහා අවශ්‍ය අපේක්ෂිත මට්ටමේ ණය සහතිකයක් ලබාදුන් අතර, චීන එක්සිම් බැංකුව ලබාදුන් වසර දෙකක සහන කාලයක් ඇතුළත් ණය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් සඳහන් කළාය.

මෙවන් පසුබිමක ණයදෙන රටවල් 22කින් සමන්විත පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ ණය සහතිකය කඩිනමින් ලබාදීමට සූදානම් වනබව රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *