සංචිතය ඩොලර් බිලියන 2 පනී

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව  කියා සිටී.

මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,898 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.7%ක ඉහළ යාමක් වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා 10.8% කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා 5.7% කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *