අන්තරේ මැරයන්ගෙන් පහර කෑ පොලිස් නිලධාරින් රැසක් රොහලේ…!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය  කොළඹ  පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා  පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මින් එක් කොස්තාපල්වරයකු ගේ දතක් කැඩි ගොස් ඇතැයි පොලීසිය කියයි.

නාරහෙන්පිට පොලිසියේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ එක් කොස්තාපල්වරයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය කියයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *