සජබ කැබලි කරමින් ෆොන්සේකාගෙන් අලුත් පක්ෂයක්..!

සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇත.

සජබ සභාපති ලෙස කටයුතු කරන ඒ මහතා තමන් නිර්පාක්‍ෂික පුද්ගලයකු යැයි පසුගියදා කියා තිබීම අනුමත කළ නොහැකි බවත්, පක්‍ෂයේ සභාපති ලෙස එවැනි ප්‍රකාශ සිදු කිරීම ගැන වහා ප්‍රශ්න කළ යුතු බවටත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී සජබ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනුයේ කෙසේද යන්න දැඩි ගැටලුවක් බවත්, ඔහු එසේ සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් සජබයෙන් ඉවත් විය යුතු බවත් එම මන්ත්‍රීවරුන් පවසා ඇත.

පක්‍ෂයේ සභාපති වුවද ඔහු සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් ද දිගින් දිගට මඟහරින බවත් එබැවින් ඔහු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බව එම ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *