පාස්කු දා රාජකාරි පැහැර හැරිය බුද්ධි නිලධාරියා ගෙදර..!

2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔහු වෙත පැවරී තිබූ රාජකාරි ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් මෙම නිලධාරියාට එරෙහිව මුලික විමර්ශනයක් පවත්වා තිබුණි.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පොලිස් සැරයන්වරයා ට එරෙහිව විනය කඩ කිරීම, සම්බන්ධයෙන් චෝදනා 12 ක් යටතේ චෝදනා පත්‍ර නිකුත් කර ඇත.

එම චෝදනාවලට මුල් අවස්ථාවේදීම පොලිස් සැරයන්වරයා වරද පිළිගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *