තායිලන්තයේ සීනි සමාගමක් ලංකාවේ සීනි හදන්න ඩො.මි. 400ක් ආයෝජනය කරයි..!

තායිලන්තයේ සුටෙක් එංජිනියරින් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව වව්නියාවේ උක් වගා කිරීම සඳහා හා සීනි නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම ව්‍යාපෘතිය මගින් රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 20%ක් (සීනි මෙට්‍රික් ටොන් 120000)නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.මෙම ව්‍යාපෘතියට අදාළ කර්මාන්තශාලා පරිශ්‍රය හා ඒ ආශ්‍රිත පහසුකම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලදු කැලෑවකින් වැසී ඇති වව්නියාව උතුර ප්‍රා දේශීය ලෙක්ම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200ක ඉඩම් කොටසක් හඳුනාගෙන ලැබ තිබේ.

එම ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව යෝජාති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිනිව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *