පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ  චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශන  කඩිනම් කරන ලෙස කී අමාත්‍යවරයා එම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ  සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම දැනට වී අලෙවි  මණ්ඩලයේ  ගබඩා සතුව ඇති වී කිලෝ ලක්ෂ පනහක් පමණ  මහ කන්නයේ අස්වනු නෙලීමට පෙර කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට අලෙවි කර ගබඩා හිස් කරන්නැයි ද අමරවීර මහතා කීය.

මෙවර මහ කන්නයේදී වී  මිලදී ගැනිම හා අස්වනු නෙලීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති  මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *