‘‘ණය ප්‍රතිව්‍යුහය ගැන මතය නොකියන මන්ත්‍රීන් ඉල්ලා අස්විය යුතුයි ‘‘

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය  නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මිලියන 57 ක් වන තැන්පත්කරුවන් වෙනුවෙන් එම ප්‍රකාශය කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඔවුන් ඉල්ලා අස්වුවහොත්  පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට  අලුත් අය පත් කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීය.

විපක්ෂය කියන්නේ තැන්පතු කරුවන්ට තවත්  බදු පනවන්න කියාදැයි ප්‍රශ්න කළ අබෙිවර්ධන මහතා එවැන්නක් කෙලින් කියනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ඇති බව පැවසීය.

 EPF සහ ETF අරමුදල් වල පොලී අනුපාතය  9% ක් විය යුතු බවට  2020, 2021, 2022 වසරවල තීරණය කළේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවද  එකල  කැබිනට් මණ්ඩලයේ සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය අද මෙය වැරදි බව ප්‍රකාශ කිරීම උභතෝකෝටිකයක් යැයිද අබෙිවර්ධන මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන මූල්‍ය බලය දේශපාලනය සඳහා භාවිතා නොකළ යුතුයැයිද  එසේ කළහොත් මුලු රටක්ම විනාශ වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

උද්ධමනය අඩු වෙන විට තැන්පත්කරුවන්  සියලු දෙනාටම එහි වාසිය ලැබෙන බවද  බංකොලොත් රට ගොඩ ගැනීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සැලසුම් කරන විට කිසිඳු සැලැස්මක් නැති අය  එහෙන් මෙහෙන් කොටස් අරගෙන පහරදී සැලැස්ම කඩකප්පල් කළහොත්  රට නැවත වරක් කඩා වැටෙනු ඇතැයි ද  කී අබෙිවර්ධන මහතා ඒ නිසා සියලු දෙනා රටේ මූල්‍ය තත්ත්වය ගැන තේරුම් ගැනීම වැදගත් යැයි ප්‍රකාශ කළේය.

යම් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමෙිදී ජාතික එකඟතාවයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පුන පුනා කියන්නේ ඒ නිසා බවද ආර්ථිකය සම්බන්ධයෙන් ද ජාතික එකඟතාවයක් අවශ්‍ය වන අතර  දේශපාලනය  රටේ ආර්ථිකයට අගතියක් නොවී වෙන ආකාරයකට කළ හැකි බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *