‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින්

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි  තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ  කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය අද දින උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , ” ෂියන්මායි ” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *