දරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව හදිසියේ මියයයි

මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, අදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තම දුවට දරු ඵල නොමැති වීම හේතුවෙන් මව සහ දියණිය ගිරිතලේ ප්‍රදේශයේ සිංහල බෙහෙත් හා දේවාල කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීමට ගොස් තිබේ.

පසුව එම ස්ථානයේ සිටි වෙඳදුරු කාන්තාවක් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුවකට අදාළ විරේක බෙහෙතක් දින තුනක සිට පානය කිරීමෙන් අනතුරුව ඇති වු ක්ලාන්ත තත්ත්වය මත එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව මහා රෝහලේ තැන්පත් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *