සුපිරි නළුවාට පොලීසියෙන් දඩයක්

දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන විජයි ට එරට පොලීසිය විසින් රථවාහන දඩයක් පැනවීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මාර්ග සංඥා නොතකා රිය ධාවනය කරවීම හේතුවෙන් මෙලෙස දඩ පැනවීමට කටයුතු කර ඇති බවය.

ඊයේ දිනයේ ඔහුගේ නවතම චිත්‍රපටය වන “ලියෝ” රූගත කිරීම් නිමකර සිය නිවස කරා යමින් සිටියදී ඔහුගේ රසිකයින් පිරිසක් විජයිගේ රථය ලුහුබැඳ ඇත.

එහිදී එක් මංසන්ධියක මාර්ග සංඥාවල රතු පැහැය දැල්වී තිබියදී එය පසුකර රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාව කැමරාවක පටිගතව තිබී ඇත.

ඒ අනුව විජයි ට එරෙහිව එරට රථවාහන පොලීසිය විසින් ඉන්දීය රුපියල් 500ක දඩයක් පැනවීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විජයි ප්‍රකාශයක් සිදුකර ඇත.

තම රථය පසුපස රසිකයින් විශාල ප්‍රමාණයක් හඹා ආ බවත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රසිකයින් මගහැර යාමට තමන් එලෙස මාර්ග සංඥා නොතකා ධාවනය කළ බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *