ඇමති කෙහෙලිය නිසා පක්ෂ විපක්ෂ ප්‍රබලයෝ සටනට සැරසෙද්දි තීරණාත්මක සටනක් උදෙසා මැතිසභය උණුසුම්..!

සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගොනු ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ උණුසුම් මෙහෙයුම් ආරම්භ කර ඇත.

ආණ්ඩු පක්‍ෂය යෝජනාව පරාජය කරවීම සඳහාත් විපක්ෂය එය ජයග්‍රහණය කරවීම සඳහාත් වෙහෙසීම මත මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු මෙහෙයවීමට ආණ්ඩු විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබ තිබේ.

විපක්ෂයේ ද මේ වන විට ඒවා විශ්වාස භංග යෝජනාව ජයග‍්‍රහණය කරවීමට ප්‍රබල සටනක නිරතව වීම් වෙමින් තිබේ.

මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එළඹෙන සතියේ දී විදේශ ගමන්වල යෙදීම තහනම් කර ඇති අතර විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් හා මන්තී‍්‍ර වරුන්ද ඉදිරි සතියේ කොළඹදී සිටීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සහ සෙසු කණ්ඩායම් සමඟ රහසිගත සාකච්ඡාවක් අරඹා ඇත.

මේ අතර ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රී කීපදෙනෙකු සෞඛ්‍ය ඇමැති ධුර ලබා ගැනීමට ද උනන්දු වෙමින් ඇති බවද දැනගන්නට තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *