කට මැත දොඩන කඩේ ඇතුලේ ජනාධිපති අනුරට වැරදුන තැන සහ රට ගොඩනගන ජනපති රනිල් ගොඩගිය තැන මෙන්න..!

ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලත් සංවර්ධනය තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීම ඉතා හොඳින් නිරීක්ෂණය වූ අතර රාජ්‍යයේ වගකීම භාරගත් කාල සමය තුළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට තිබූ ජනතා මනාපය සිය දහස් ගුණයකින් වර්ධනය කර ගැනීමට වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ ලත් සාර්ථකත්වය හේතු වී ඇත.

රටේ අර්බුද රාශියක් උඩුදුවා තිබු මොහොතක රටේ අනාගතය කුමන දිශාවකට ගෙනයාවිද නොකියා සිතාගත නොහැකි මොහොතක ජනතාව කුපිත වී රාජ්‍ය පාලනය සියතට ගැනීමට මහ පාරට පැමිණ සිටි මොහොතක අන්තවාදී දේශපාලන පක්ෂ නායකයන් තමන්ට බලය ලබාගැනීම සඳහා ජනතාවගේ සිත් තුළ ඇති වේදනාව පාවිච්චි කරමින් සිටි මොහොතක රටේ ආර්ථිකය ගොඩනැංවීමේ අභියෝගය භාර ගැනීම යනු සත්‍ය වශයෙන්ම වශයෙන්ම ජිවිතයත් මරණයත් අතර වන තීරණාත්මක සටනක් තරම් වන දැවැන්ත අභියෝගයකි.

ඒ මොහොතේ එම අභියෝගය භාර ගැනීමට විපක්ෂයේ සිටිය අනුර කුමාරලා සජිත් ප්‍රේමදාසලා දැක්වූයේ මැලිකමකි. තමන්ගේ දේශපාලන උපදේශකවරුන්ගේ බසට වහල් වී සිටී සිටි මේ නායකයින් රට භාර ගැනීමේ අභියෝගය මගහරිමින් සිටි මොහොතක එම අභියෝගය නොබියව භාර ගත් එකම නායකයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.

තෙල් පෝලිම් ගෑස් පෝලිං වලින් මහා මාර්ග පිරී තිබුනු මොහොතක භූමිතෙල් නැතුව ධීවරයන්ට තමන්ගේ රැකියාව සිදුකර ගැනීමට සිදු කර ගැනීමට නොහැකිව තිබූ මොහොතක මුළු රටම එක රැයෙන් කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීමට ගොස් මුළු කෘෂිකර්මාන්තය ම වැටී තිබූ මොහොතක දුර්වල ආර්ථික කළමනාකරණය නිසා රටේ වත්කම් වත්කම් බින්දුවට වැටී තිබුනු මොහොතක හෙට කුමක් වේද කියා සිතාගත නොහැකිව ජනතාව පවා වික්ෂිප්තව සිටි මොහොතක දූරදර්ශී නායකත්වයක් ලංකාවේ අනාගතය බාර ගැනීම තුළින් අද වන විට ලංකාවේ වර්තමානය හුස්ම ගැනීමට හැකි පරිසරයක ජීවත්වන බලාපොරොත්තු සහිත මිනිසෙකු නිර්මාණය කිරීම දක්වා යහපත් වී ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලංකාවේ ජනාධිපතිධුරයට පත්වූ දා සිටම පෙරටුගාමීන් ජවිපෙ පමණක් නොව අරගලය තමන්ගේ ආදායම් මාර්ගය කරගත් ඇතැම් වාමාංශිකයින්ද නිර්පාක්ෂිකයන්ද දිගින් දිගටම උත්සාහ කළේ මහමග සටන්වලින් ජනතාව කුපිත කරවමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට වුවද වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමත් සමග ජනතාව රනිල් මොනවා හරි කරාවි රනිල්ට විතරයි මේක ගොඩ දාන්න පුළුවන් යන මතවාදය විශ්වාස කිරීම තුළින් ලංකාව ගිනි තැබීමට මාන බලමින් සිටි ජවිපෙ සහ පෙරටුගාමීන්ට තමන්ගේ අභිමතයන් ඉටුකර ගැනීමට ඉටු කර ගැනීමට නොහැකි විය.


ඒ කෙසේ වෙතත් රටේ ආර්ථිකය හිස ඔසවමින් පැමිණෙන මොහොතක පළාත් පාලන මැතිවරණය ඉල්ලමින් අනුර කුමාර කොළඹ ආගමන අනුර කුමාරගෙ දේශපාලන ජීවිතයේ සංධිස්ථානයක් විය. මං කාටවත් බය නෑ මං පොලිසියට බයත් නෑ මම ඉදිරියට එනවා යැයි කියූ අනුර කුමාර අවසානය නැවතුනේ කඩයක් ඇතුළට රිංගා එහි මුදලාලි පුටුවෙ පුටුවේ ඉඳගෙන මුදලාලි පුටුවේ ජනාධිපති යන විරුදාවලිය තමන්ගේ නමට ඈදාගනිමින්ය. අහෝ දුකකි ඉරකි තිතකි. එදා සිට අනුර කුමාරලාගේ ජන රැලි වල සෙනග අඩුවන්නට විය. අනුර කුමාරලා කයිවාරුකරුවන් ලෙස සමාජයේ හංවඩු ගැසෙන්නට විය. ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වනු බලා සිටීමට නොහැකිවූ නොහැකි වූ ජවිපෙ විවිධ බිල්ලන් මවන්නට උත්සාහ කිරීම තුළ ද සිදුවුයේ ඒ සියල්ල දින කිහිපයකින් අසත්‍ය බව සමාජගතවීමත් සමගින් ජවිපෙ පෙරටුගාමි දේශපාලනය දිනෙන් දින බිඳ වැටෙන්නට විය.

සැහැල්ලු දුම්රිය මාර්ගයට තියෙන්නේ එක පැත්තකට යන්න විතරයි, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමෙන් බැංකු පද්ධතිය වැටෙනවා වැනි ටොම් පච සමාජය ඉදිරියේ අතහැරීමත් සමගින්ම ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි වූ ජනතා ප්‍රසාදය දිගින් දිගටම හීන වන්නට විය. අනුරයියගෙ මහජන රැලි ද අතරමග නතර විය. ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල දිනෙන් දින සාර්ථක වන මොහොතක එය ඉවසා ගැනීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ මීළඟට කළේ ජනාධිපති ආර්යාවට අපහාස කරමින් තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය ප්‍රදර්ශනය කිරීමය. දේශපාලනයට සම්බන්ධ නැති කාන්තාවකට අපහාස කරමින් ඔවුන් පහත් නින්දිත වින්දනයක් ලැබුවත් සමස්ත සමාජය ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම ඒ හරහා ඔවුනට වැදුණු මරු පහරකි.

ලංකාව පුරා සම්මන්ත්‍රණ තියාගෙන පල්හෑලි කියවගෙන ගියා ලංකාවේ ආර්ථිකය යළි ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තියක් අනුර කුමාරලාට නැත. ඇත්තම කිව්වොත් කාල ඇඳලා හොඳට ජීවත්වන සාමාන්‍ය මිනිස්සු පවා අනුර කුමාරලාට වහකදුරු මෙන් විය. හිඟන්නාගේ තුවාලය මෙන් ලංකාවේ අර්බුද දිගින් දිගටම ඉදිරියට යනු දැකීම අනුර කුමාරලා බලාපොරොත්තු වූ අතර ඒ සදහා ඔවුන් කළ හැකි සෑමදේම කරන්නට උත්සාහ කළේ හුදෙක්ම තමන්ගේ පටු දේශපාලන වාසි උදෙසා වූ බව දන්නෝ දනිති.

මඩ ෆේස්බුක් මඩ බලකාය යොදාගෙන විවිධ අසත්‍යයන් සමාජය පුරා පතුරුවා යවමින් තමන්ගේ දේශපාලන මතවාදයන්ට එරෙහි සාමාන්‍ය ජනතාවට වෘත්තිකයන්ට දේශපාලන ක්‍රියාධරයන්ට දිගින් දිගටම දැඩි මඩ ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ චරිත ඝාතනය කරමින් නිවටුන් සේ හැසිරෙන මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය කණ්ඩායමද මේ වන විට සමස්ත ජනතාව තුළින් ම තුළින් ම ප්‍රතික්ෂේප වීම ඉතා දරුණු මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ආරම්භයේ දී ජනාධිපතිවරයා දෝෂදර්ශනයට ලක් කළ බහුතරයක් වූ සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මෙවැනි විට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණට එය දරා ගැනීමට නොහැකි වී ඇත.

කුමන හෝ ගැටලුවක් අරබයා මිනිස්සු මහපාරට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කෙතරම් උත්සහා දැරුවත් වර්තමාන ජනාධිපතිවරයා ගේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වය මත නැවත කිසි දිනෙක අරගලයකට හෝ හෝ මහ පාරට පැමිණ උද්ඝෝෂණ කිරීමට ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ ජනතාව දැන් සූදානම් නැත. ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ආර්ථික වශයෙන් සංවර්ධනය නිර්මාණය වී ඇති මේ මොහොතේ සෑම ක්ෂේත්‍රයකම වෘත්තිකයන් ඉතා විශාල වශයෙන් කාර්යබහුල වෙමින් තමන්ගේ වෘත්තියන්හි නිරත වෙමින් සිටින අතර ඔවුන් නැවතත් සිය පැරණි ජීවන සහ ආර්ථික ඉලක්කයන් වෙතට යොමුවෙමින් සිටින බවද නොරහසකි.

අඩුපාඩු ඇති. හැබැයි විකල්පය රනිල් ම පමණි. මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට හැක්කේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ටම පමණි. ඒ බව මේ මොහොතේ ජනතාවද වටහාගෙන ඇත. පුරවැසියන් ලෙස අපේ වගකීම වන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය ලබා දීම ය. ජනතා ශක්තිය තුලින් ශක්තිමත් වෙමින් පන්නරය ලබන විට මෙයටත් වඩා වැඩි ‌ජවයකින් ඔහු රට ගොඩනගනු ඇත..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *