දේශපාලන වුවමනා මත අස්වැසුම කිසිසේත්ම ලබානොදෙන බවට ඇමති ‌ශෙහාන්ගෙන් දැඩි ප්‍රකාශයක්..!

දේශපාලකයින්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය පදිරි සහනාධාර ලබා දෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ නියම දුප්පතුන්ට සහන ලබාදෙන විට විරුද්ධ වන්නේ මුදල් ඇති පිරිස් බවය.

“එක එක දේශපාලන පක්ෂවලට පුද්ගලයින් ට කැමති විදියට සුබසාධන ඉවත් කරන්නත් ලබාදෙන්නත් හැකියාව තිබුණ ක්‍රමවේදය අපි ඉවත් කරලා තියෙනවා. අවුරුදු 25කට වඩා වැඩි කාලයක් තිබුණ ක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයක් හඳුන්වාදුන් නිසා අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒ අඩුපාඩුත් අපි ඉදිරි කාලයේ දී ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නෙමෙයි. මේ රටේ සුබසාධන දීමනා ලැබිය යුතු සුදුසුම කණ්ඩායමට සුබසාධන දීමනා වැඩිවශයෙන් ලබාදෙන්න කටයුතු කරනවා. ඉස්සර ගමට ආවහම තිබුණ චෝදනාව තමා යමක්කමක් තියෙන අයට සුබසාධන දීමනා ලැබෙනවා, සමෘද්ධිය ලැබෙනවා අපිට ලැබෙන්නේ නෑ කියලා. ඇත්තටම දුප්පත් අයට ලබා දෙද්දි යමක් කමක් තිබිලා සමෘද්ධිය ගත්ත අය ඉදිරියට ඇවිත් කියනවා මේ ක්‍රමවේදය අසාධාරණයි කියලා.”

සමෘද්ධි ව්‍යාපාරාය කප්පාදු කිරීමට රජය කිසිවිට පියවර නොගන්නා බවඳ ඔහු තවදුරටත් පවසයි.

“වෘත්තීය සමිති රැසක් මේ වැඩේ කරන්න උදව් කළේ නෑ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය කප්පාදුවකට නෙමෙයි මේ ලක්වෙන්නේ. සමෘද්ධියට ඒ දුප්පත්කමින් ඔබව මුදවා ගැනීමේ පුළුල් වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉඩ ලබාදීලා, ඔබට සුබසාධන මුදල් විතරක් තවත් ආයතනයකින් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් අභියාචනා ටික ගත්තා. පැමිණිලි ටික ගත්තා. ඒවා විමර්ශනය වෙයි. බැංකු ගිණුම් ටික විවෘත වෙලා නෑ තාම තේරුණ අයගේ. ඒ ටික විවෘත කරන්න වැඩපිළිවෙලක් වෙයි. මේ තුළ කිසිම කෙනෙක් කලබලවෙන්න වෙන්න අවශ්‍ය නෑ. කලබලවීම ප්‍රශ්නයට විසඳුම වෙන්නේ නෑ. අපි දැක්කානේ අවුරුද්දකට කලින් කට්ටිය කලබලවෙලා එක එක කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඒ නායකයින්ගේ ගිණුම්වල තියෙන මුදල් ප්‍රමාණය අද අපි දකිද්දි අවසානයේ අරගලයේ ප්‍රතිඵලයක් ඔබට නැතිවෙලා තියෙන්නේ. නායකයෝ ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒ අරගලය පාවිච්චි කරපු නිසා.”

කෙසේ වෙතත් අස්වැසුම වැඩසටහන නිසි ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර ලංකාරාම විහාරාධිපති නුගේතැන්නේ මංගල ධර්මකීර්ති නාහිමි බැහැදුටු අවස්ථාවේ පැවසුවේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *