එයාට ආදරෙයි කියලා ලිපියකින්ම දෙන්නලු..! සිසුවියක් ගෙන්වා ගම්පහ ප්‍රසිද්ධ පාසලක විනයභාර ගුරුවරයා කරපු අමුතු වැඩේ..!

එදා නැණස පාදන ගුරු මව්වරුන් ගුරු පියවරුන් සිටි පාසල්වල අප සියලු දෙනා හැදී වැඩුණු සිප් සතර පමණක් නොව අපේ ජීවිත වලට යහගුනදම් ද සමීප කරගනිමිනි.

ගුණ නැණ බලයෙන් යුතු දූ දරුවන් සමාජයට නිර්මාණය කිරීම සඳහා පාසල් පද්ධතියේ ඇති බලපෑම කිව නොහැකි තරම්ය. ඒ සඳහා ගුරුවරයා ගුරු දෙවියාගේ භූමිකාව නිරූපණය කළ යුතු බව සඳහන් කළ යුතුම කාරණාවකි.

එහෙත් වර්තමාන සමාජය තුළ ගුරුවරුන් ගුරු දෙවිවරුන් ලෙස නොව අපායගාමී දේවදත්තලා ලෙස හැසිරෙනු දක්නට ඇත. මෙම සිසු දරුවන් සමඟ උරණ වූ අවස්ථාවල ඔවුන් වරදින් මුදවනු වෙනුවට ඔවුනගේ ජීවිත වලින් පලිගැනීම සඳහා මේ ගුරුවරුන්ගේ වේශයෙන් සිටින සුළුතරයක් වූ අමනයන් කටයුතු කිරීම කණගාටුදායක කතාන්තරයකි.

අපට වාර්තා වන පුවතේ කතා නායකයා සම්බන්ධ කතා පුවත කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය තුළ විසිරී පැතිරී ගිය කතා ගොන්නෙන් එකකි.

සංක්ෂිප්තව ගත් කල අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි සිල් පදය සම්බන්ධ කතා පුවතකි. එහෙත් මේ කතානායක සිසු දරුවා එම ශික්ෂා පදය කඩනොකල අවස්ථාවක විදුහල්පති අමනයාගේ කරුණු සොයා නොබලා ගත් තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස ඔහුව වරදකරු ලෙස හංවඩු ගසන්නට විදුහල්පති අමනයා නොගත් උත්සාහයක් නැත. එහෙත් අවසානයේ විදුහල්පති අමනයා පොලිස් පරීක්ෂණ හමුවේ පරාජයට පත්වූයේ සිසු දරුවා නිදොස් බව ලොවට පසක් කරමිනි.

හොඳම හරිය ආරම්භ වන්නේ ඉන්පසුවය. තමන් වැරදි බව ලොව හමුවේ සාක්ෂි සහිතව පසක් වීමෙන් පසුව විදුහල්පති තනතුරට යම්තම් හෝ සුදුසුකමක් නොමැති මේ විදුහල්පති අමනයා කතානායක සිසු දරුවාගෙන් පළිගැනීම ආරම්භ කරන්නේ ය.

තම පන්තියේ සිටින සහෝදර ශිෂ්‍යාවන්ගෙන් මේ කතානායක දරුවා සමඟ සම්බන්ධතා පවත්වන බවට ලියුම් රැගෙන එන ලෙස වූ කොන්ත්‍රාත්තුවක් මේ අමන විදුහල්පතිවරයා විනය බාර භාර ගුරුවරයා හට භාර දෙන අතර එය අකුරටම ඉටු කරන්නට සිතා ගත් විනය භාර ගුරුවරයා සිසුවියන් කිහිප දෙනෙක්ගෙන් ම අසත්‍ය අඩංගු අදාළ ලිපි ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් ය.

එසේ බලහත්කාරයෙන් ලබා ගත් ලිපි යොදාගෙන සිසුවියන්ට තර්ජනය කිරීමට සහ අදාල කතානායක සිසුවාට බලපෑම් කිරීමේ සූදානමක් පිළිබඳවද අපට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මේ පාසල විමර්ශනය කිරීම සඳහා අප විශේෂ වාර්තාකරුවකු මේ වන විටත් සම්බන්ධ වී ඇති අතර පාසල තුළ සිදුවන සියලු අකටයුතුකම් කිසිදු සංස්කරණයකින් තොරව සමාජගත කිරීමට අප සූදානම්.

ඒ නිසා පරිස්සමෙන්
අයුක්තිය අසාධාරණය වාර්තාකරණයේ දී අපිට කිසිම කෙනෙකුගේ තරාතිරම අදාලම නැත…

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *