නායක දිසාට එරෙහිව ‌අමරසිංහ ආභාෂයෙන් පෝෂණය වු ලේකම් සිල්වා පිල සටනට..! ජනාධිපතිවරණයක් අභියස පැලවත්තේ තීරණාත්මක බෙදීමක්..!

ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ අභ්‍යන්තර අර්බුද සමාජයට නිරාවරණය වීම ඉතා හොඳින් පාලනය කරගෙන සිටින පක්ෂයක් වෙතොත් ඒ පක්ෂය අන් කිසිවක් නොව ජනතා විමුක්ති පෙරමුණ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැක.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අවසන් වරට වෙනස් වීමකට භාජනය වන්නේ වර්ෂ 2008 දී වන අතර එවිට බල හුවමාරුව සිදුවන්නේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගෙන් වර්තමාන නායක අනුර කුමාර දිසානායක හටය. එය සැබැවින්ම වනාහි සෝමවංශ අමරසිංහ පිලේ සිටි ටිල්වින් සිල්වා ලාල්කාන්ත වැනි ප්‍රබලයන් ලත් පරාජයකි.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වීමෙන් පසුව පක්ෂය තුළ තමන්ට හිතවාදී හුරුබුහුටි සහෝදරයන්ගේ එකමුතුවක් නිර්මාණය කර ගත්තේය. එයට මහින්ද ජයසිංහ වෛද්‍ය නලින්ද ජයතිස්ස වැනි චරිත එක් විය.

අනුර කුමාර දිසානායක මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ තුළ තමන්ගේ කණ්ඩායම ගොඩ නගා ගනිද්දී සෝමවංශ අමරසිංහ සහෝදරයාගෙන් පන්නරය ලත් පැරණි වමේ ටිල්වින් සිල්වා ලාල්කාන්ත වැනි ගමේ බජාර් එකේ බැහැලා ඉන්න කනබොන චරිත එකට එක්ව වැඩ කටයුතු කිරිම ආරම්භ කළේ අදක ඊයෙක නොවේ.

ඒ කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙක එකම වේදිකාවක දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර එම අවස්ථාවන්හිදී ලාල් කාන්තට ලබා දෙන කාලය සීමාසහිත කිරීමට අනුර පාර්ශවය කටයුතු කළේ දෙවනපෙළ නායකයෙකු ලෙස ඔහුගේ ආගමනය වළක්වා ගැනීම උදෙසා බව තතුදත් පැරණි වාම විශ්ලේෂකයෝ තහවුරු කරති.

පසුගිය කාලසීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවත් දේශපාලන සභාවත් යන පක්ෂයේ ප්‍රධාන බල කඳවුරු දෙකේම බලය ලබාගෙන තිබුණේ අනුර කුමාර දිසානායක වුවත් මේ මොහොත වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. ලාල්කාන්ත ප්‍රමුඛ ටිල්වින් සිල්වා කල්ලිය මේ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ සිය බලය තහවුරු කරගෙන ඇත.

ඒ හේතුව නිසාවෙන් ජනතා විමුක්ති පෙරමුණ යන නාමය වෙනුවට ජාතික ජන බලවේගය නැමැති ලිබරල් දවටනය යොදාගෙන ගොඩනගන ලද සන්ධානයේ නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක සිය ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වීමට තීරණය කර ඇත. ඒ කෙසේ වෙතත් මේ අප කතා කරන මොහොත වන විටත් සැබැවින්ම ජාතික ජන බලවේගයේද බලය හිමිව ඇත්තේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ පන්නරය ලද ටිල්වින් සිල්වා පිලටය.


අනුර කුමාර දිසානායකට සහය දක්වන ජාතික ජන ජන බලවේගය කෙතරම්දයත් බියවීද යත් ඔවුන් මේ මොහොත වන විට ජාතික මැතිවරණ ඉල්ලීමෙන් ඉවත්ව ඇත. පාර්ශව කිහිපයක් පමණක් මැතිවරණය ඉල්ලමින් වේදිකා තුළ කෑගැසුවද අනුර කුමාර දිසානායක පාර්ශ්වයට සහය දක්වන ජාතික ජනබලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු පාර්ශවයක් මේ මොහොතේ මැතිවරණය ඉල්ලන්නේ නැත. ඒ මන්දයත් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් තමන් පරාජය ලබන බව හොඳින්ම දන්නා නිසා පමණක් නොව ඉන් ලබන පරාජය මත අනුර කුමාර දිසානායකගේ නායකත්වයට පවා අභියෝග මතු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවිනි.

අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගීවන ජනහමු සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආසන සංවිධායකවරුන් දැනුවත් කර මුදල් වියදම් කරමින් ජනතාව රැගෙන ඒමට ප්‍රබල යාන්ත්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ ක්‍රියාත්මක වුවද ලේකම් ටිල්වින් සිල්වා සහොදරයා පැමිණෙන ජන හමු පිළිබදව යාබද ආසනයේ සංවිධායකටවත් කියන්නේ නැති තරම්ය. ඒ තරමට අනුර සහෝදරයාට ටිල්වින් භීතිකාව ඇත.


ගෙවුණු සති කිහිපය තුළ පැලවත්ත තුළ දේශපාලන මණ්ඩල සහ මධ්‍යම කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී අනුර කුමාර දිසානායක පාර්ශ්වය සහ ටිල්වින් සිල්වා පාර්ශවය අතර සීතල යුද්ධය දැඩි වී ඇත.

පැලවත්ත කාර්යාලය තුල දේශපාලන මණ්ඩල සහ මධ්‍යම කාරක සභා රැස්වීම් පැවැත්වීමට පෙර ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කර ගැනීම සඳහා ටිල්වින් සිල්වා පිල නිතර රැස්වෙන ස්ථානයක් පිළිබඳවද මේ මොහොත අනුර කුමාර දිසානායක පිලේ අවධානය යොමු වී ඇති බව සඳහන්.


13 පිළිබඳව මෙන්ම ප්‍රායෝගික යථාර්ථවාදී කරුණු සම්බන්ධයෙන් ද මේ පාර්ශව දෙක අතර දැඩි මතභේද නිර්මාණය වී ඇති අතර පක්ෂය තුළ කාන්තාවන්ට හිමි ස්ථානය පිළිබඳව ද කාන්තා නිදහස සම්බන්ධයෙන් ද මේ කණ්ඩායම් දෙක අතර මතභේද නිර්මාණය වී ඇත. මෙය මතභේද කෙතරම්ද යත් හරිනි අමරසූරිය සහ මොරටුව ප්‍රදේශයේ සිටින අයිතින් උදෙසා වූ කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කාර සහෝදරිය එක වේදිකාවකට පවා ගොඩ වන්නේ ද නැත.

පසුගිය දින කිහිපය තුළ කාන්තාවන්ට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක නිහඬ වුවද ගමේ බජාර් එකේ බැහැලා ඉන්න ලාල්කාන්තලා පක්ෂ දේශපාලන මණ්ඩලය තුළ ඒ අදාල අයට අදාල භාෂාවෙන් අමතා ඇති බව නම් ප්‍රසිද්ධ රහසකි.


මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥ එකමුතුව තුළ බෙදීමක් නිර්මාණය වී ඇත්තේ අන් කිසිම කරුණක් නිසා නොව මාධ්‍ය හමුවලදී ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හට ප්‍රමුඛස්ථානය ලබා දීමට ජාතික ජන බලවේගය නිර්මාණයේ දී ඇප කැප වූ කරුණ තරුණ කණ්ඩායම් අකමැත්ත පළ කිරීම නිසාය. මෙම බෙදීම නිසා ජාතික ජන බලවේගයට සහයෝගය පළ කර සිටි නීතිඥ ප්‍රජාවෙන් බහුතරයක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති වග ද විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අපට වාර්ථා වේ


විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව නොබියව කතා කලද ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකරන්නේ එය ප්‍රකාශයට පත් කළ සැනින් ජාතික ජන බලවේගයේ දෙදරා යාමක් සිදුවීමට සියලු කටයුතු මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරය තුළ නිර්මාණය වී ඇති නිසාවෙනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *