අර්බුදය උඩුදුවයි..! ලාල් කාන්තට ජවිපෙන් විනය පරීක්ෂණයක්…!

ජනතා විමුක්ති පෙරමුණේ මූලික පක්ෂ විනය කඩ කරමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින වඑම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂ මූලස්ථානය කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

ඒ සඳහා බලපෑ ආසන්නතම හේතුව වන්නේ ලාල්කාන්ත මහතා පසුගිය දිනෙක දැඩි ජාතිකවාදී අදහස් දරන ස්වාමීන් වහන්සේ නමක් හමුවී උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම බවත් සඳහන්.

අළු යට ගිනි පුපුරු මෙන් දිනෙන් දින උණුසුම් වන ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය නුදුරේදීම පිපිරී යාමට නියමිත බවයි දේශපාලන විශ්ලේෂකයින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *