‘චැනල් ෆෝ’ හෙලිදරවුව ගැන රජයෙන් විශේෂ තීරණයක්..!

අපි රජයක් විදියට වගකීමෙන් කටයුතු කරනවා. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබද ඉදිරියේදී දැනුවත් කිරීම් සිදු කරාවි.

ඊට අමතරව ජාත්‍යන්තර පරීක්ෂණක් කිරීමට රජයක් විදියට ඒ ඉල්ලීම කැබිනට් මණ්ලය්දී ඉල්ලීම් කරනු ලැබුවා. පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ කරුණ මතු කළා.

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලයට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වන කාලයට චැනල් 4 නාලිකාවෙන් ඔය වගේ දේවල් එළියට එනවා. මේ වීඩියෝවේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්න ඕන.

මේ ගැන සොයා බැලීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කිරීමට, සුරේෂ් සලේ ඔය කියන ආකාරයේ ප්‍රකාශයක් සිදු වුනා නම් ඒ සිද්ධියෙන් පසුව කාදිනල්තුමන් උදේම ගිහින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියන මතවාදය ගොඩ නගපු එකට, මේ අඩපු අය, මේ හැමෝම මැතිවරණ ව්‍යාපාරයේ කොටස්කරුවන් වෙන්න ඕන, ඔය කියන තර්කය අනුව.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *