අඩු මිලට ඉන්ධන දෙන්න සිනොපෙක් වැඩ අරඹයි..! රට පුරා ඉන්ධන පිරවුම්හල් 150ක්..! ලැයිස්තුව මෙන්න..!

සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පැවැත්විණ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ද සහභාගීත්වයෙනි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින් සිනොපෙක් සමාගම මෙරට සිල්ලර වෙළඳාම් කටයුතු ආරම්භ කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේ දී ස්ථාපිත කරනු ඇත.

මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධන වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කර ගෙන යාම සඳහා සිනොපෙක් සමාගම සමඟ ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව මහෝපකාරී වනු ඇත.

මෙරට චීන තානාපතිවරයා සමඟ සිනොපෙක් ඉන්ධන සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා, රාජ්‍ය නිලධාරීන්, චීන තානාපති කාර්‍යාලයේ නිලධාරීන්, බලශක්ති ක්ෂේත්‍රයේ පර්ශ්වකරුන්, සිනොපෙක් සමාගමේ නිලධාරීන් සහ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගතව සිටින ඉන්ධන පිරවුම්හල්වල පාර්ශ‘වකරුවන් මෙම උත්සවයට සහභාගී වූහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *