අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බවට ජනපතිගෙන් ප්‍රකාශයක්..!

ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන් 80%ක් හා සමස්ත කොරල් සහ කඩොලාන වලින් 50%ක් පමණ පිහිටා ඇත්තේ ද ඝර්ම කලාපය තුළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ ශ්‍රී ලංකාව යෙදී සිටින බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *