පොලිස්පති ධුර කාලය වසර 03යි..! 60 වුනත් නැතත් විශ්‍රාම යා යුතුමයි..! යෝජනාව කැබිනට් මණ්ඩලයට..!

පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාල වන අතර ඒ අනුව  පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසු ඔහු විශ්‍රාම යා යුතුව තිබේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේ දී පොලිස්පති ධූරයට පත්වන  ඕනෑම නිලධාරියෙකගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *