බස් ගාස්තු,ලිත්‍රො ගෑස්,පාසල් උපකරණ මිල ඉහළට..!

ජනවාරි මාස වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.


ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස්රථයකි එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවත් එම මිලට බස් රථයක් මිලදී ගෙන  සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත් බස් අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බවත් විජේරත්න මහතා කීය.


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බව ද විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

එළඹෙන ජනවාරි මාසයේ සිට ගෑස් මිල සැලකිය ලෙස ලෙස ඉහළ යනු ඇති බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18%ක් ගෑස් සඳහා එක්වීමෙන් මෙසේ මිල වන බව සමාගම කියා සිටී.

බදු ඉහළ දැමීමත් සමග අකමැත්තෙන් වුවද මෙම තීරණය ගන්නා බව සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවසීය.

ඒ අනුව දැනට රුපියල් 3565ක් වන කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් 18%කින් එනම් රුපියල් 640කින් පමණ ඉහල යනු ඇත.

18% දක්වා වැට් බදු ඉහළ යාම මත ජනවාරි මාසයේ සිට පාසල් උපකරණ මිල පවතින මිලට සාපේක්ෂව දෙගුණයකින් මිල ඉහළ යාමට හැකි බව පොත් හල් හිමියන් පවසයි.

ආනයනික ඇතැම් පාසල් උපකරණ මිළ කොපමණ අගයකින් ඉහළ යා දැන් පැවසිය නොහැකි බවත් එන වසරට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ මේ වසර අවසන් වීමට පෙර මිලදී ගැනීම වඩා සුදුසු බව ඔවුන් පෙන්වා දෙති.

මේ වනවිටත් පාසල් උපකරණ මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළගොස් ඇතිබව දරුවන්ගේ දෙමාපියන් පවසති.

පසුගිය මාසයේ පැවති මිලට වඩා සෑම පාසල් උපකරණ වල මිල රුපියල් 05-15 අතර මිලකින් දැනටමත් ඉහළගොස් ඇතිබවටත් ඔවුන් කියති.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *