විදුලි සංදේශ සේවා ගාස්තු 01දා සිට 03% කින් ඉහළට..!

වැට් බදු සංශෝධනය සමඟ (01) සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා.

ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බවයි දුරකථන සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *