ජවිපෙ පාලන බලය ලබාගතහොත් ඉන්පසුව ජනතාව තුලින් මතුවන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිවිප්ලව රාජ්‍ය බලයෙන් මර් දනය කරනවා..! ජවිපේ ප්‍රබලයෙක්ගෙන් අමුතු කතාවක්..!

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වෙත රාජ්‍ය බලය ලැබුණු පසු එයට එරෙහිව පැන නැගින ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඕනෑම ප්‍රතිවිප්ලයක් එම මොහොතේ තමන්ට ලැබී ඇති රාජ්‍ය බලය යොදාගෙන මර් දනය කිරිමට තම පක්ෂ ය පසුබට නොවන බව එහි ප්‍රබලයෙක් ප්‍රකාශ කර ඇති බව අපට වාර් තා වේ.

රාජ්‍ය බලය ලැබෙන්නේ ප්‍රතිවිප්ලවය මර් දනය කිරීමට බවත් ඒ සඳහා තම කණ්ඩායම කිසිවිටෙක දෙවරක් නොහිතන බවත් සඳහන් කර ඇති මේ ප්‍රබලයාගේ අදහස් දැක්වීම තුළ එම පෙරමුණට හදිසියේ හෝ බලය ලැබුණහොත් එය නියත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇති බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ පවසති.

මේ තත්ත්වය ගම්මට්ටමේ බිම් මට්ටමේ ජනතාවට අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අනිවාර් ය කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු දෙනා මෙම මෙහෙයුම් සමඟ සිට ගනු ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *