පොහොට්ටුවේ ජනපති අපේක්ෂක අප්‍රේල් මාසයේදී..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ලබන අප්‍රේල් මස අවසානයේදී සිදුකෙරෙන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා මාධ්‍යයට කියා තිබුණේ සිය පක්ෂය ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට දේශපාලනඥයන් 4 දෙනකුගේ නාම යෝජනා සලකා බලමින් සිටින බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්වී අදාළ අපේක්ෂකයා තෝරාගැනෙන අතර ඒ පිළිබඳ නිල ප්‍රකාශය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවකදී සිදුකිරීමට නියමිත බවද සඳහන්ය. 

මේ අතර එජාප උප නායක හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු වශයෙන් තරග කරනු ඇති බවය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *