ඉන්ටවල් ඉවරයි..! යුක්තිය අරඹයි..! පළමු දිනයේදීම පාතාලයෙක් බඩුද සමග අල්ලයි..!

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් විය.

මීට අමතරව ඝාතනය කිරීම සදහා භාවිතයට ගැනීමට සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන්ගේ මෙහෙයවීමෙන් සහ මීගමුව කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදු කරන ලදී.

– Repoter

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *