ජනපතිවරණය කට උඩට එද්දි ජනපති ලේකම්ධූරය රාජපක්ෂ පිලට..?

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයක් ඉතිරිව ඇති මේ මොහොතේ ජනාධිපති ලේකම් ධූරයෙන් සමන් ඒකනායක මහතා ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ කල්ලියට ඉතා සමීපතාවක් දක්වන හිටපු නිලධාරියකුට ලබාදීමට සූදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

පසුගියදා සිදුවුණු අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ දී ද පොහොට්ටුවට හිතවාදීත්වය දක්වන රාජ්‍ය නිලධාරීන් බහුතරයකට තනතුරු ලැබුණු පසුබිමක මෙම පුවත පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පමණක් නොව සමස්ත රට පුරාම දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරත්නායක මහතාව ජනාධිපති මෙහෙයුම් ප්‍රධානියා බවට පත්කිරීම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට රාජ්‍ය නිලධාරිය පත්කිරීම වැනි පුවත් වල තිබූ වටිනාකම අභිබවා යමින් ජනාධිපති ලේකම් ධූරය රාජපක්ෂ පිළට යන ප්‍රවෘත්තිය ගම් දනව් සිසාරා පැතිර ගොස් ඇති බව සඳහන් කළ යුතුමය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *