ලංකාවේ ගෙවල් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 350ක්..!

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් සඳහා චීන රජය ඩොලර් මිලියන 350ක ප්‍රදානයක් දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී අදාල  එකඟතාව ලැබී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා  එයින් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙන බව සඳහන් කළේය.

 මෙයින් නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් අරඹන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක්  ආරම්භ කිරීමට නියමිත බව පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *