ජනපති රනිල් පරාදයි..! මුහුණුපොතේ ජනමත සමීක්ෂණ වාර්තා එලියට..!

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයා කවුද? යන්න විමසන ලංකාවේ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායක හමුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත පරාජයක් ලබා ඇති බව අපට වාර්තා වේ.

https://www.facebook.com/share/p/b4F9q4cBanwQ1eYK/?mibextid=Nif5oz

රටේ ආර්ථිකය ගොඩනැගුවා යැයි ජනපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් කෙතරම් කයිවාරු ගැසුවද බිම් මට්ටමේ ජනතාව අතර ජනාධිපතිවරයාට ඇත්තේ දැවැන්ත අප්‍රසාදයක් බව මෙම ජනමත විමසුමේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වූ මාධ්‍යවේදී ඒ.එම්.ඒ.ජී අධිකාරි පවසයි.

බිමට්ටමේ දේශපාලනය පසෙකලා තම සමීපතම රැල සමග සිත්වල මවාගත් චිත්ත රූපවල ජීවත්වෙමින් සිදුකරන දේශපාලන ව්‍යාපාරයේ අවසානය මැතිවරණයකදී ලබන කුජීත පරාජය බව වර්තමාන ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් ඉදිරි ජනාධිපතිවරණය අවසානයේදී වටහා ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *