හිරු බලය කෝලහලයක් වෙයි.. නලින් හේවගේ නැගිට යයි… මාධ්‍යවේදියාටත් බැණුම්..

ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ පැවති ‘බලය’ වැඩසටහන ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූ තිස්ස කුට්ටිආරච්චි සහ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරැන් හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා ලෙස පැමිණි හිටපු පළාත් සභා මන්ත‍්‍රී නලින් හෙවගේ මහතාත් අතර විටින් විට දැඩි වාග් ප්‍රහාරයන් සිදු විය.

ඇතැම් අවස්ථාවල වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියාට සමගද උණුසුම් වාදවල පැටලින.

කෙසේ වෙතත් වැඩසටහන අවසාන භාගයේදී නලින් හේවගේ මහතා සිය අවසන් අවසන් අවස්ථාවේදී අදහස් පලකර එම වැඩසටහනෙන් නැගිට ඉවත්ව ගියේය.

https://youtube.com/watch?v=ZZQ_JZNhKNI%3Frel%3D0

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *