එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ආසන සංවිධායකවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් එම පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත තුල ලැගුම් ගෙන සිටින ප්‍රබල නිලධාරීන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතු ආරංචි මාර ග ඔස්සේ අපට වාර් තා වේ.
මෙම ප්‍රබල නිලධාරීන් දෙදෙනා සහ ඔවුන්ට හිතවාදී කණ්ඩායම් ඉතා කුමන්ත්‍රණකාරීව ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා සමග සමීප සම්බන්ධතා දැක්වූ සුවිශේෂී චරිත රාශියක්ම සිත් බිඳීම් ඇතිකර පක්ෂයෙන් ඉවත් කිරීමට වැඩ කටයුතු නිර්මාණය කර ඇති බව සඳහන්.
දීර් ඝ කාලයක් ජනාධිපතිවරයා සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන පැමිණි එජාප සංවිධායකවරුන් රාශියකට සිරකොත අරක් ගෙන සිටින මෙම නිලධාරීන් දෙදෙනාගේ කැපිල්ලට ලක්වීමට සිදු වූ බව සියලු දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසක් බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් එජාප ක්‍රියාකාරීන් පැවසුවේ.