හිටපු ඇමති සුසිල් අද රෑ හමුවන්න යන විශේෂ අමුත්තා මෙන්න…!

පසුගියදා ඉරිදා මහජන පොළකදි වර්තමාන ජනාධිපති නන්දසේන ගෝඨාභය ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවම අසමත් බව ප්‍රසිද්ධ මාධ්‍යයට පැවසිම හේතුවෙන් අද දින වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති නන්දසේනගේ නියමයෙන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරි දින කිහිපය ඇතුලත වාම කදවුරේ දේශපාලන නායකයින් සමග මෙන්ම විපක්ෂ කදවුරේ දේශපාලන නායකයින් සමගින් ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව සාකච්ඡා කිහිපයක් පැවත්වීමට සුදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

වාමවාදි කදවුරේ නායකයින් අතරින් මේ වනවිට රාජපක්ෂ රෙජීමය සමගින් අසතුටෙන් සිටින නායකයින් සමගින් සමගි සන්ධානයක් ගොඩනැංවීම ඔහුගේ අරමුණ බව සදහන්.

එහි පළමු නායක හමුව අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත බවද අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *