Breaking News : ආණ්ඩුවට රතු එලි දල්වන ජනමත විමසුමක තතු එලියට..!

ශ්‍රි ලංකාවේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සිසුන් යොදාගෙන සිදුකළ ජනමත සමීක්ෂණයක ප්‍රතිඵල ආණ්ඩුවේ ප්‍රබලයන් අතට පත්වීමත් සමගින් රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුවම දැඩිලෙස කලබලයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

කොළඹ ගම්පහ මහනුවර අනුරාධපුරය ගාල්ල කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 18-55ත් අතර පුද්ගලයන් 15000ක පමණ අහඹු ජනතාවකගෙන් ලබාගත් තොරතුරු මුලික කරගෙන සිදුකරන ලද මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව පවතින පොහොට්ටු පක්ෂයට සහය දක්වන ජනතා ප්‍රතිශතය 07% පමණ අගයක් ගැනීම විශේෂත්වයකි.

ආණ්ඩු විරෝධය 80%ක්..!

සමස්ත රාජපක්ෂවරුන්වම ප්‍රතික්ෂේප කරමින් විපක්ෂයට සහය දක්වන ප්‍රමාණය 80%ක් වුවද ඉන් බහුතරයක් තමන් සහයෝගය දක්වන විපක්ෂයේ පක්ෂය කුමක්ද යන්න තවමත් තීරණය කර නොමැතිවිම තුල විපක්ෂයේ අසාර්ථකත්වය මැනවින් ප්‍රදර්ශනය කරනා කරුණක් බවට පත්ව ඇත.

නන්දසේන රාජපක්ෂට 04% මහින්දට 05% සිරිසේනටත් 05%

පුද්ගලයන් වශයෙන් වර්තමාන ජනාධිපතිවරයාට සහය දක්වන ප්‍රතිශතය 04% පමණ වන විට පිළිවෙලින් ආණ්ඩුව නියෝජනය කරනා මෛත්‍රිපාල සිරිසේනට 05%ක් සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට 05% සහය දැක්වීමද විශේෂත්වයකි. සජිත් රනිල් යුගලය කරු ජයසුරිය වැනි ප්‍රබලයන් එක්ව නිර්මාණය කරන පොදු සංධානයක රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණියහොත් 41%ක්ද සජිත් ප්‍රේමදාස මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණියහොත් 21%ක ප්‍රතිශතයක්ද කරු ජයසුරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණියහොත් 23%ක ජනමතයක්ද හිමිවි ඇති අතර ඔවුන් වෙන් වෙන්ව පැමිණියහොත් බහුතර ඡන්දය අනුර කුමාර දිසානායක පාඨලි චම්පික රණවක වැනි විකල්ප කදවුරු කරා ගලායෑමේ වැඩි ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇත.

2000න් පසු පරම්පරාව අනුරට

2000න් පසු පරම්පරාවේ වැඩි ආකර්ශනයක් අනුර කුමාර දිසානායක හට හිමිවුවද සමස්ත ප්‍රතිඵලය කෙරෙහි එය දක්වන බලපෑම ඉතා අල්ප බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

අර්බුධ වලට හේතුව ගෝඨා..! ආර්ථික අර්බුදයට පිළිතුර රනිල්

රටේ පවතින වර්තමාන අර්බුද බහුතරයකට ප්‍රධානතම හේතුව ලෙස ජනතාවගෙන් 47%ක් වර්තමාන ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයද බවද සමස්ත රජයේ ක්‍රියාකලාපය හේතුවක් වු බවට 34%ක්ද අදහස් ප්‍රකාශ කර ඇති පසුබිමක රටේ ආර්ථික අර්බුධයට විසදුම් ලබාදිය හැකි නායකත්වය පිළිබදව සිදුකළ ජනමත සමික්ෂන කොටසේදි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට 40%ක ප්‍රතිශතයක් සහ අනුර කුමාර දිසානයක මහතා 21%ක ප්‍රතිශතයකුත් සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා 15%ක ප්‍රතිශතයකත් ලැබිම සහ බැසිල් රාජපක්ෂ මහතා 01%ක ප්‍රතිශතයක රැදිසිටිම ආණ්ඩු පාර්ශවයේ දැඩි අවධානයට ලක්ව ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *