කිරි සමන් පරාදයි..! 22 කොල්ලා 14 කෙල්ලව රට වටේ අරං ගිහිං කරපු දේ..!

දාහතර හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අඹුකමට තබාගත් විසි දෙහැවිරිදි තරුණයකු මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


නොච්චියාගම ප්‍රදේශයේ දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක් සමඟ මුහුණු පොත හරහා මිතුරු වී ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ඉකුත් 10දා ඇය හමුවීමට ගොස් ඇතැයි පැවැසේ.  

එහිදී සැකකරු දැරිය රවටා ත්‍රිකුණාමලය ප්‍රදේශයට රැගෙන ගොස් දින දෙකක් එහි තාවකාලික නවාතැන්පොළක රඳවාගෙන පසුව ඇඹිලිපිටියේ පිහිටි ඔහුගේ නිවෙසට රැගෙන ගොස් ඇතැයි ප්‍රකාශ වේ.  

පසුව දින කිහිපයක් එහි රැඳී සිට පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ බෝඩිමකට රැගෙන විත් දැරිය එහි සඟවාගෙන සිට ඇත.  මේ අතරතුරදී දැරියගේ අතුරුදන් වීම පිළිබඳ ඇයගේ මවුපියන් නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.  

ඒ අනුව පොලිසිය විමර්ශන කරමින් සිටියදී දැරිය මහරගම පොලිස් වසමේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් මහරගම පොලිසියට කළ දැනුම්දීම අනුව පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ බෝඩිමක රැඳී සිටි දැරිය සහ තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *