Colombo Conferences, World MICE Awards හි දී සම්මාන ලබයි..!

World MICE Awards 2022 හිදී ශ්‍රී ලංකාවේ හොදම සංවිධායක ලෙස Colombo Conference (private )Limited ආයතනය පිදුම් ලැබීය.

මෙය මෙරටදී පැවැත්වෙනු ලබන ජාත්‍යන්තර උත්සව ප්‍රදර්ශන ආදියෙහි ප්‍රමිතිය,ගුණාත්මක භාවය සහ විශිෂඨත්වය හේතු කොට ගෙන ජාත්‍යන්තර වේදිකාවක් තුළ පිළිගැනීමට ලක් වූ තෙවන අවස්ථාව වේ.

එමෙන්ම,2018 වර්ෂයේදී ද, වසරේ විශිෂ්ටතම රාජ්‍ය උත්සවය පැවැත්වීම වෙනුවෙන් Colombo Conference (private )Limited ආයතනය වෙත EEMA ඉන්දියානු සම්මාණ උළලේදී ද පිළිගැනීමට ලක් විය.

ජාත්‍යන්තර MICE සම්මාන උළෙල MICE සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වය සමරනු වස් කටයුතු කරන අතර වාර්ශිකව පැවැත්වෙන මෙම සම්මාන උළලේ ගෝලීය මට්ටමේ දී නවෝත්පාදන මෙන්ම උපයෝගිතාව ඉහළ දැමීම මූලික කරගනී.

මෙම World MICE Awards යනු World Travel Awards උත්සවය හා සමගාමීව පවත්වනු ලබන්නකි.
Colombo conference හි ප්‍රධාන විධායක නිළධාරි වශයෙන් කටයුතු කරන ප්‍රගීත් හේවගේ මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත .“ශ්‍රී ලංකාවේ සිදු කරන MICE උත්සවයන්හි නිර්මාණශීලි බව, ගුණාත්මක බව මෙන්ම සාර්ථකත්වය උදෙසා අපි අපගේ උපරිම දායකත්වය දක්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කලාපයේ හොදම MICE ගමනාන්තය බවට පත් වෙනවා දැකීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි අපේ උපරිමය කරනවා”

මීට අමතරව මෙම සම්මාන උළලේදී මෙරට ප්‍රධාන පෙළේ හෝටල් ව්‍යාපාරයක් වන HILTON COLOMBO වෙතද ශ්‍රි ලංකාවේ හොඳම MICE හෝටලය වෙත පිදෙන සම්මාණය පිරිනමා තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *