රාජ්‍ය ආයතන වලට ණය බෑ..! ජනපති නියෝගයෙන් මැතිවරණ කොමිසම මිලින වෙයි..!

රාජය ආයතන වලට ණයට වැඩකිරිම තහනම් කරමින් පනවන ලද ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. මේ අසීරු අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම කටමැත දොඩවමින් අත්තනෝමතිකව ලහිලහියේ සූදානම් වන අතර, එහි මූලික කටයුතු සිදුකරනුයේ හතරඅතට ණය වෙමින් ණය  පදනම මත බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ආයතන ණය පදනම මත භාණ්ඩ සහ සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝගය කඩ කරන රාජ්‍ය නිලධාරීන් අදාළ වියදම්වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා පෙරේදා (31) අලුත් නියෝගයක් නිකුත් කළේය.

 නව නියෝගය හේතුවෙන් මැතිවරණ කොමිසමට ණය පදනම මත ඉන්ධන ලබාදීම, මුද්‍රණ කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන්ගේ සේවය ලබාගැනීම ආදී කටයුතුවලට තවත් බාධාවක් එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණ කොමිසම මෙතෙක් පැවැත්වූ සෑම මැතිවරණයකදීම භාණ්ඩ හා සේවා ලබාගත්තේ ණය පදනම මත වන අතර ඊට අදාළ මුදල් පසුව විටින් විට නිදහස් කිරීම සිදුකර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *