හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත.

මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි.

යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ආචාර්ය චමිල ලියනගේ, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික නායකයින් පිරිසක් ද හමුව ඇති අතර, එහිදී ආගමික සහජීවනය හා යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බළකායක් පත් කර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම පිළිබඳව මෙහිදී ආගමික නායකයින් සාකච්ඡා කර ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයා යාපනය ශ්‍රී නාග විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් කටයුතු කර ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් පානිය ජල ගැටලුව පිළිබඳවත්, යාපනය දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය පිළිබඳවත් පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කර තිබේ.

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරතව ඇති හිටපු ජනාධපතිවරයා කෝවිලට පැමිණ සිටි දේශිය සහ විදේශිය බැතිමතුන් සමග සුහද පිළිසදරක ද නිරතව ඇත.

You May Also Like

About the Author: editor02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *