ණය නොගෙව්වහම රට ගොඩද..? කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..? Lankan People ආන්දෝලනාත්මක සටහනක්..!

ණය නොගෙව්වහම රට ගොඩද..?
කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..?

දේශීය විදේශීය විජාතික කුමන්ත්‍රණ නායකත්වය ලබා දුන් ගාලු මුවදොර අරගලයේ පිහිටෙන් තමන්ට ජීවිතේ කෙදිනකවත් ජනමතයෙන් නොලැබෙන ජනාධිපති පුටුවේ ඉඳගත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව විදෙස් දේශයන්හට 2028 දක්වා ණය නොගෙවිය යුතු බව මහා උජාරුවෙන් පවසයි..

ඔහුට හිතැති පාර්ශවයන් එය මහා විජයග්‍රහණයක් ලෙස උලුප්පා දැක්වීම ජුගුප්සාජනකය..

මෙයා අප උදාහරණයක් යොදාගෙන තෝරා බේරා ගනිමු..
පසුගිය කොරෝනා කාලසීමාව තුළ ඔබ සතුව පැවැති වාහන සඳහා ගෙවිය යුතු ලීසින් මුදල් නොගෙවා සිටීම සඳහා ඔබට සහන කාලයක් ලැබුණා ඔබට මතක ඇති.

එම කාලය පුරාවට අඩු මිලට ආහාරපාන ලබාගෙන ඉතා සුවපහසු ජීවිතයක් ඔබ ගත කලා ඔබට මතක ඇති.

අනතුරුව එම කාලසීමාව ගෙවී ගිය පසුව නැවතත් වාරික ගෙවීමට යාමේදී එම වාරික මුදල් ගෙවා ගත නොහැකිව ඔබ වැටුණු අමාරුව ඔබට මතක ඇති.

වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2028 වසර දක්වා ණය නොගෙවා සිටීම තුළ දෙදහස් 2028 වසරෙන් පසු ලංකාව දැන් සිටිනවාටත් වඩා දැවැන්ත ණය අර්බුදයකට මුහුණපාන බව මෙම සරල උදාහරණයත් සමග ඔබට වටහා ගැනීමට පහසු වනු ඇත. ඒ මන්ද යත් ණය නොගෙවා සිටින කාල පරාසය තුළ එකතුවන පොලී මුදල දෙගුණ තෙගුණ වීමත් සමග නැවත ණය ගෙවීමේදී එම පොලියද රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවීම නිසාවෙනි.

රනිල් ආයෝජන සොයා ලෝකේ වටේ ගියේය.. පැරිස් සංගමය ඇතුළු සංගම් රාශියකින් ඔහු ආයෝජන ඉල්ලා සිටියේය. එහෙත් එම සංවිධාන කිසිවක් රනිල් වික්‍රමසිංහයන් හට තමන්ගේ සහාය ලබා නොදීම තුළ රනිල් සහ ඔහුගේ එහෙයින් විසින් නිර්මාණය කර තිබූ රනිල් නැමැති පුම්බපු බැලුම එතනම විනාශ වී ගොස් ඇත.

අද වෙද්දි විදෙස් ආයෝජන නොමැතිව සිදුවන ඩොලරය පහළ යාම විදෙස් විදේශිකයන්ගේ පැමිණීම නිසා යැයි පැවසුවත් වීසා නොමැතිව සංචාරය කිරීමේ පහසුකම මත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් නිසාම ඩොලරය පහළ යන්නේ යැයි ඔබ විශ්වාස කළහොත් ඒ තුළ ගම්‍ය වන්නේ ඔබේ දැනුමේ අල්ප බව මිසක් අන් කිසිවක් නොවේ..

විදෙස් ආයෝජන කිසිවක් නොමැතිව ඩොලරය හිටි හැටියේ පහළ යාම පිටුපස ඇති හේතුව අන් ක්‍රමයකින් යම් මුදල් වර්ගයක් ලංකාව වෙත ගලා එම බව අපට උපකල්පනය කළ හැක. එම මුදල් වර්ගය කුමක්දැයි යන්න තීරණය කිරීම අප ඔබට භාර කරන්නෙමු.

ඒ කෙසේ වෙතත් 2028 දක්වා ලංකාවේ ණය නොගෙවා ලංකා වැසියන්ට පොඩි ආතල් එකක් ගන්නට රනිල් වික්‍රමසිංහ සිදු කරගෙන යන මේ විගඩමේ අවසාන ප්‍රතිඵලය වන්නේ 2028 වසරෙන් පසු ලාංකිකයන් කබලෙන් ලිපට වැටීම පමණක් බව සඳහන් කරනු කැමැත්තෙමු..

Ranil WickremesinghePresident’s Media DivisionUnited National Party

ඒනිසා අවදියෙන්..
නියමිත ලෙස කියවා…
ප්‍රතිපත්ති මත පදනම්ව..
අනාගතය ගැන තීන්දු තීරණ ගන්නා ලෙස
අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු..

https://web.facebook.com/photo/?fbid=810797517760203&set=a.251943070312320

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *