සජබය දෙකඩ වෙයි..! සජිත් තනිවෙයි..! විපක්ෂ මන්ත්‍රිවරු 42ක් සමගින් කළුතර ප්‍රබලයෙක් රනිල් සෙවනට..!

ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කරවීම සදහා කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතා එක්විය යුතු බව සමගි ජන බලවේගයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පුවත්පතක් වෙත සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති වික‍්‍රමසිංහට සහය දීමට තමන් ඇතුළු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් 42කට වඩා වැඩි පිරිසක් කැමති බව පක්ෂයේ මන්ත්‍රීවරයකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බවයි.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණ පැවැත්වූ පසු වික‍්‍රමසිංහ මහතා විසින් ගොඩනගන රජයක තනතුරක් සජිත් ප්‍රේමදාස මහතා බාරගත යුතු බවටත් ඔවුන් විශ්වාස කරන බවද ඒ මහතා සදහන් කර ඇති අතර කෙසේ වෙතත් මෙම මතවාදයක් සමග සමගි ජන බලවේගය දෙකඩ වී ඇතැයිද අදාල පුවත්පත තවදුරටත් වාර්තා කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *