හරි හරි මං කැමතියි කියන්න..! ගැලවී යන මන්ත්‍රිවරුන් 42 රැකගන්න බහුතරයට හිස නමමින් සජිත් පක්ෂය පිටින්ම ජනපති රනිල් සෙවනට..!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 දෙනකුට වැඩි සංඛ්‍යාවක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් යළිත් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් පවතින මොහොතක කොන්දේසි විරහිතව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක.සජිත් ප්‍රේමදාස මහතා තම සමීපතමයින්ට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙය මොහොතේ සහය දැක්විය යුතු බවත් යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්විය යුතු බවත් බහුතර මන්ත්‍රීවරුන්ගේ මතවාදය බවට පත්ව ඇති මොහොතක තමන්ගේ සමීපතම කණ්ඩායමේ අදහස් වලට නතුව ඉදිරියට කටයුතු කළහොත් ඉදිරියේදී දේශපාලනමය වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තනි වනු ඇති බව ඔහු සමග දුරකථන සංවාදයක යෙදෙමින් කලුතර දිස්ත්රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රබලයකු සඳහන් කර ඇති බවද අපට වාර්තා වේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රාශියකින් දැවැන්ත පොදු සන්ධානයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සූදානම් බව ද තහවුරු කරන ලද ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *