ජනපති රනිල්ගේ නායකත්වයෙන් අර්බුදය කණපිට හරවන සටනේ සෙන්පති නන්දලාල් ලෝකයේම නම රන්දමින් ලොව හොදම මහ බැංකු අධිපතිවරුන් අතර පෙරටම..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික ස්ථායිකරන වැඩපිලිවෙලට ප්‍රමුඛතම සේවයක් ඉටුකරන ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලොව ඉහළම පෙළේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර තිබේ.

ඇමරිකාවේ නිව්යෝර්ක්හි ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් නන්දලාල් වීරසිංහ මහතා ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙසට නම්කර ඇත.

එම ශ්‍රේණියේ මහ බැංකු අධිපති ලෝකයෙන්ම නම් කර ඇත්තේ විසි එක් දෙනෙකු පමණි.

මෙම ශ්‍රේණියට මහ බැංකු අධිපතිවරුන් නම් කරන්නේ ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය, උද්ධමන පාලනය, පොලී අනුපාත ක්‍රමය ආදියේ කාර්ය සාධනය සැලකිල්ලට ගනිමිනි.

මෙවර එම ශ්‍රේණිගත කිරීම අනුව ඒ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමි වී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපතිවරයාට ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *