ඔබතුමා කටවහගෙන අහං ඉන්න..! සජිත්ට ඉහමොල රත්වන පිලිතුරක්..! සජිත් ඇමති සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ මිලියන 1537 මුදල් නාස්තියක් ගැන තොරතුරු කරලියට..!

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි සමයේදී (2015-2019) කාලවකවානුවේදී  ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයන් 2100 දෙනෙකු පමණ බඳවාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම සේවකයන් සියලුම දෙනා කොන්ත්‍රාත් පදනම මත ඔහු නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති අතර එය නීති විරෝධී බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් (ශ්‍රී.පො.පෙ) මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මෙසේද සඳහන් කළේය.

ජාතික ‍නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් මෙම බඳවා‍ගැනීම සිදුකර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා අවිච්ජේද බඳවා ගැනීම් සඳහා වාර්ෂිකව නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 1537කට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද කීය.

මෙලෙස බඳවා ගත් පුද්ගලයන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට‍ යොමුකලද ඔවුන්ට රාජකාරී කටයුතු කිරීමට මේසයක්, පුටුවක් හෝ තිබී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *