ජනපතිට විරුද්දනම් ආණ්ඩුවෙන් යනු..! මැතිවරණයක් කැදවනවා..- ලංසාගෙන් පොහොට්ටුව ප්‍රහාරයක්..!

කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදු කළ බවත් එතුමා සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුන එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශ වලට වැඩ කරන්න පුලුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.

ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවනම් අමාත්‍යධූර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරිදි විදියට කරලා තියෙනවා කියලා එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *