අයවැය විවාදය දින 26ක්..!

අයවැය විවාදය දින 26 ක්  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)  ලබන 13  වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය දෙවැනි වර කියවීමේ  විවාදය ලබන 14 වැනිදා සිට ආරම්භ වේ. එම විවාදය  ලබන 21 දක්වා (ඉරිදා දින හැර) දින හතක් පැවැත්වේ.

ඉන්පසු කාරක කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 22 සිට දෙසැම්බර් මස 13 වැනි දා දක්වා දින 19ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

අයවැය තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම  දෙසැම්බර් මස 13 වැනිදා  සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

සෑම දිනකම උදේ 9.00 සිට   සිට සවස 6:30 දක්වා  විවාදය  පැවැත්වේ. ඡන්ද විමසීම පැවැත්වෙන දිනය  හැර අන් සෑම දිනකම සවස 6 සිට 6.30  දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වෙන බව පාලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පැවසුවාය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *